ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් 9,158 දෙනෙකුට අද (04) සිට බලපැවැත්වෙන පරිදි උසස්වීම් ලබාදීමට පියවර ගෙන තිබේ. යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත ක්‍රියාත්මක වූ මෙම උසස්වීම් යටතේ බළලත් නිලධාරීන්, මාණ්ඩලික සැරයන්වරුන්, සැරයන්වරුන් සහ කෝප්‍රල්වරුන් ඇතුළු විවිධ නිලයන් නියෝජනය කරන විශාල පිරිසකට මෙම වරප්‍රසාදය හිමි විය. මේ අතර, නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගතව සිටි රැඳවියන් 49 දෙනෙකුට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට ද රජය තීරණය කර ඇති අතර, සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් විඳිමින් සිටි පිරිසක් මෙලෙස නිදහස ලබා තිබේ.














