රත්නපුර – පානදුර මාර්ගයේ මුණසිංහපුර ප්‍රදේශයේදී පෙරේදා (02) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන්ගත් 20 හැවිරිදි තරුණියක් එම ස්ථානයේදීම මියගොස් තිබේ. රත්නපුර, අයගම ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිෂානි නවින්ද්‍යා කුමාරි නමැති මෙම තරුණිය අනතුර සිදුවූ අවස්ථාවේ ත්‍රිරෝද රථයෙන් ඉවතට විසිවී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ඉන්ධන බවුසරයට යට වී ඇති බව පොලිසිය පවසයි. අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයේ රියැදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, රියැදුරු ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් ඉංගිරිය, ඌරුගල පදිංචි ඉන්ධන බවුසරයේ රියැදුරු කිරිඇල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා රියැදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව පොලිසිය අවධාරණය කරයි.














