දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ මීළඟ අදියරේ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම 2026 පෙබරවාරි 20 වැනි දින ආරම්භ වීමට නියමිත අතර, අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය ලෙස 2026 මාර්තු 05 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත. 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුක්තව නොසිටි උපාධිධාරීන් හට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වන අතර, සුදුසුකම්ලත් ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශ්වයටම විභාගය සඳහා පෙනී සිටිය හැකිය.
මෙමඟින් පාසල් පද්ධතියේ පවතින උග්‍ර ගුරු හිඟයට විසඳුමක් ලෙස නව ගුරුවරුන් පිරිසක් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට නියමිතය. විභාගයට අදාළ ගැසට් නිවේදනය සහ අයදුම්පත් යොමු කළ යුතු ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිල වෙබ් අඩවි හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, අයදුම්කරුවන් නියමිත දින වකවානු තුළ සිය ලියාපදිංචිය තහවුරු කරගත යුතු බවට අවධාරණය කෙරේ.
සියලු විස්තර සදහා මෙම ලින්ක් එක භාවිතා කරන්න:Click Here














