පෙබරවාරි 04 – මහනුවර සහ පේරාදෙණිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් බාල වයස්කාර පිරිමි ළමුන් 36 දෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ පස් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පේරාදෙණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පොල්තෙල් ව්‍යාපාරිකයෙකු සහ ඉංජිනේරුවරයෙකු සිටින අතර, ඔවුන් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ළමුන් සමඟ සබඳතා ගොඩනගා ගනිමින් ස්ථාන තුනකදී මෙම අපරාධ සිදු කර ඇති බව හෙළි වී තිබේ.
අපයෝජනයට ලක්කරන අවස්ථා වීඩියෝ ගත කර ඇති සැකකරුවන්, එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට බියවද්දමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම දරුවන් අපයෝජනය කර ඇති බව පොලිසිය පවසයි. ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා සන්තකයේ තිබී එම අසභ්‍ය වීඩියෝ දර්ශන ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම කණ්ඩායමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් විමර්ශන මෙහෙයවයි. මෙලෙස අපයෝජනයට ලක්වූ ළමුන් සොයා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය සහ මනෝ විද්‍යාත්මක සහාය ලබාදීමට ද කටයුතු සූදානම් කර තිබේ.














