ඉදිරි කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු රජය විසින් මේ වන විටත් සූදානම් කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බොහෝ දිස්ත්‍රික්කවල වී ගබඩා දැනටමත් විවෘත කර ඇති අතර, ගොවීන්ගෙන් ලැබෙන අස්වැන්න ප්‍රමාණය අනුව ඉදිරි මිලදී ගැනීම් විධිමත් ලෙස සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ පසුගිය කන්නයේ රජය සතු වූ වී තොග ක්‍රමානුකූලව සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ද මේ වන විට ආරම්භ කර ඇති බවයි. ගබඩා පහසුකම් නිසි ලෙස සකස් කර ඇති බැවින් ඉදිරි කන්නයේදී වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී කිසිදු ගැටලුවක් පැන නොනගින බව ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.













