මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අතිරේක ජංගම රසායනාගාර දෙකක් එක්කර ගැනීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර ඇත.
දැනටමත් දිවයින පුරා මෙම මෙහෙයුම් තීව්‍ර කර ඇති අතර, එහි එක් පියවරක් ලෙස කොළඹ බැස්ටියන් මාවතේදී රියදුරන් 57 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ පරීක්ෂාවට ලක් කළ පිරිසෙන් රියදුරන් 10 දෙනෙකුම විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවයි.
මාර්ග ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙවැනි ස්ථානීය පරීක්ෂණ පැවැත්වීමට ජංගම ඒකක භාවිත කිරීම ඉතා වැදගත් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.














