උඩවලව ජාතික උද්‍යාන සීමාවේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 582ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බෙගමුව පොලිසිය සමත්ව තිබේ. හම්බෙගමුව පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් 47 සහ 51 යන වයස්වල පසුවන කටුගොඩ සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (08) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














