කොළඹ අගරදගුරු පදවි කතෝලික තරුණ සංගමය සංවිධානය කළ “අපේක්ෂාවේ බලාපොරොත්තුව” සත්කාරක වැඩසටහන පසුගිය පෙබරවාරි 04 වන දින මහරගම අපේක්ෂා රෝහලේදී සාර්ථකව පවත්වන ලදී. පදවි තරුණ අධ්‍යක්ෂ ගරු ලෙස්ටර් විජේසූරිය පියතුමාගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා පදවියේ විවිධ මීසම් නියෝජනය කරමින් තරුණ තරුණියන් 100කට අධික පිරිසක් එක්ව සිටියහ.
එදින උදෑසන සිට ආරම්භ වූ මෙම වැඩසටහනේදී රෝහලේ රෝගීන් සඳහා අත්‍යවශ්‍යව තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඖෂධ රැසක් පරිත්‍යාග කිරීමට තරුණ සංගමය පියවර ගත් අතර, රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ද තරුණ තරුණියන් විසින් උද්‍යෝගයෙන් සිදු කරන ලදී. මෙම උදාර මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය ආධාරවලින් සහ ශ්‍රමයෙන් දායකත්වය ලබාදුන් සියලුම පරිත්‍යාගශීලීන්ට සහ ස්වේච්ඡා සාමාජිකයන්ට තරුණ සංගමය සිය කෘතඥතාව පළ කර සිටියි.













