ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන රත්න සමූහ ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේශ්වර මහතා සිය ගුවන් සේවා මෙහෙයුම් පුළුල් කිරීමේ අරමුණින් නව හෙලිකොප්ටර් යානයක් මිලදී ගැනීම සඳහා 2026 සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට (Singapore Airshow 2026) එක් විය. එහිදී ඔහු ඇතුළු කණ්ඩායම බෙල් (Bell Helicopter) සමාගමේ නියෝජිතයන් හමුවී ප්‍රදර්ශනයට තබා තිබූ Bell 505 වර්ගයේ යානය පිළිබඳව විශේෂ තාක්ෂණික ඇගයීමක නිරත වී තිබේ.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා බෙල් හෙලිකොප්ටර් සමාගමේ ස්වාධීන නියෝජිතයා ලෙස කටයුතු කරන සෙයිලෝන් ඒරොනොටිකල් සර්විසස් (CAS) ආයතනයේ මැදිහත්වීමෙන් මෙම සාකච්ඡා පවත්වා ඇත. දැනට රත්න ඒවියේෂන් (Rathna Aviation) ආයතනය ශ්‍රී ලංකාව තුළ වාණිජ කටයුතු සඳහා Robinson R66 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිත කරන අතර, මෙම නව මිලදී ගැනීම හරහා ඔවුන්ගේ දේශීය වාණිජ ගුවන් මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.














