හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය අභාවප්‍රාප්ත සොහොයුරා මෙන්ම හිටපු කථානායකවරයෙකු වූ අනුර බණ්ඩාරනායක මහතාගේ 77 වන ජන්ම දිනය නිමිත්තෙන් සිය ෆේස්බුක් (Facebook) ගිණුමේ සංවේදී සටහනක් තබා ඇත. අදට (පෙබරවාරි 15) යෙදී ඇති ඔහුගේ ජන්ම දිනය සිහිපත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ “අනුර ජීවත්ව සිටියා නම් ඔහුට වයස 77ක්.. අනුර ඔබට නිවන් සුව..” යනුවෙනි. බණ්ඩාරනායක පරපුරේ එකම පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ කථානායක ධුරය මෙන්ම විපක්ෂ නායක ධුරය ද හෙබවූ සුවිශේෂී දේශපාලනඥයෙකි.














