2025 වසර යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්වර්ණමය වසර ලෙස ඉතිහාසයට එක්වන බව එහි නවතම පරිපාලන වාර්තාවක සඳහන් වේ. 2019 වසරේදී මෙය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත්කිරීමෙන් පසුව වැඩිම මගීන් සහ ගුවන් යානා සංඛ්‍යාවක් වාර්තා වූ වසර මෙයයි. එම වසර තුළ මගීන් 48,431ක් ගුවන් තොටුපළ භාවිතා කර ඇති අතර, ඒ හරහා රුපියල් බිලියන 19.06ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට පාලනාධිකාරිය සමත්ව තිබේ.
වාර්තාවට අනුව 2019 වසරට සාපේක්ෂව ගුවන් යානා 1,138ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, මේ වන විට එයාර් බස් ඒ-320 වැනි විශාල ප්‍රමාණයේ ගුවන් යානා හැසිරවීමේ තාක්ෂණික හැකියාව ද යාපනය ගුවන් තොටුපළ සතු වේ. 2026 වසරේදී සංචාරකයින් මිලියන තුනක් ආකර්ෂණය කර ගැනීමේ අභිලාෂය ඇතිව සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.














