වත්මන් රජය බලයට පත්ව වසර එකහමාරකට අධික කාලයක් ගතවී ඇතත්, රටේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම වෙනුවට තවමත් පසුගිය ආණ්ඩුවලට ඇඟිල්ල දිගු කරමින් සිටීම හාස්‍යයට කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (16) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පොලිසිය, අධිකරණ අමාත්‍යංශය සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පවා පවතින පසුබිමක මෙලෙස වගකීමෙන් බැහැර වීම සාධාරණ නොවන බවත්, රජය විසින් “මල් පැළ” ලෙස හඳුන්වා දෙමින් පාර්ලිමේන්තුවට ගෙන ආ පිරිස් පිළිබඳව ද ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.














