ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ නීති සමාලෝචනය කර, ඒ සඳහා අවශ්‍ය නව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා වන යෝජනාව හෙට (17) පස්වරු 5:00 ට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම කාරක සභාව මගින් දැනට පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනාගෙන, ඉදිරි මැතිවරණ වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව පැවැත්වීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීම පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.














