• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිළිකා රෝග විනිශ්චය සඳහා වන FDG ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කෙරේ

18 February 2026
in දේශීය, පුවත්
පිළිකා රෝග විනිශ්චය සඳහා වන FDG ඖෂධය  ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම  ආරම්භ කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පිළිකා රෝගීන් මුල් අවධියේදීම හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන PET SCAN (Positron Emission Tomography) පරීක්ෂණවලදී අත්‍යවශ්‍ය වන FDG (Fluoro Deoxy Glucose) නැමැති විකිරණශීලී ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කිරීම අද (16) නිල වශයෙන් ආරම්භ විය. කටුනායක කිබුලාපිටිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සැකසුම් කලාපයේ ඉදිකරන ලද සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය (Cyclotron Based Radiopharmaceutical Manufacturing Facility) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. ඇමරිකානු ඩොලර් 6,875,000 ක ආයෝජනයකින් නිම වූ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ මෙවැනි ඖෂධයක් නිෂ්පාදනය කරන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වූ හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහිදී ඇක්සස් මෙඩිකල් ට්‍රේසර්ස් (Access Medical Tracers) සමාගම සියයට 60ක කොටස් හිමිකාරීත්වයක් දරනු ලබයි. ඉතිරි කොටස් ප්‍රමාණය ඇක්සස් ඉන්ටර්නැෂනල් සමාගම (20%), ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය (10%) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය (10%) අතර බෙදී යයි. මීට පෙර මෙම ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදු වූ අතර, එම ගමනාගමන කාලය තුළ ඖෂධයේ සක්‍රීයතාවයෙන් සියයට 97ක් පමණ විකිරණ ක්ෂය වීම නිසා අහිමි වීම රෝග විනිශ්චයේ නිරවද්‍යතාවයට ගැටලුවක්ව පැවතිණි. මෙරට තුළම නිෂ්පාදනය ආරම්භ වීමත් සමඟ වඩාත් නිරවද්‍ය හා වේගවත් රෝග විනිශ්චයක් ලබා දීමටත්, විශාල විදේශ විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමටත් අවස්ථාව උදා වේ.
2030 වන විට වාර්ෂිකව පිළිකා රෝගීන් ප්‍රමාණය සියයට 23කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, මෙවැනි දේශීය නිෂ්පාදන ආරම්භ කිරීම එම අනාගත අභියෝගයට සාර්ථකව මුහුණ දීමට අත්‍යවශ්‍ය පියවරක් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කිරීම මගින් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් ශක්තිමත් කිරීමට මෙම මධ්‍යස්ථානය මගින් ලැබෙන දායකත්වය අතිමහත් බව ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

මම දන්නෙ නැහැ, මම කනගාටු වෙනවා

Next Post

දියවන්නාවේ කන්තෝරුවක ලොකු නිදිකුම්බරයෙක්

Editor TTV News

Editor TTV News

Next Post
දියවන්නාවේ කන්තෝරුවක  ලොකු නිදිකුම්බරයෙක්

දියවන්නාවේ කන්තෝරුවක ලොකු නිදිකුම්බරයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI තාක්ෂණයේ අවදානම ගැන හිලරි ක්ලින්ටන්ගෙන් අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණයේ අවදානම ගැන හිලරි ක්ලින්ටන්ගෙන් අනතුරු ඇඟවීමක්

18 February 2026
‘ද ගෝඩ්ෆාදර්’ තරුව  රොබට් ඩුවෝල්  අභාවප්‍රාප්ත වෙයි

‘ද ගෝඩ්ෆාදර්’ තරුව රොබට් ඩුවෝල් අභාවප්‍රාප්ත වෙයි

18 February 2026
චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම  සලකා බැලීම ජූලි 30 වනදාට

චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජූලි 30 වනදාට

18 February 2026
අසමසම ඉන්ධන  කාර්යක්ෂමතාවක් සමඟින්  TVS Sport 110 මෙරටට

අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සමඟින් TVS Sport 110 මෙරටට

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම  සලකා බැලීම ජූලි 30 වනදාට

චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජූලි 30 වනදාට

18 February 2026
අසමසම ඉන්ධන  කාර්යක්ෂමතාවක් සමඟින්  TVS Sport 110 මෙරටට

අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සමඟින් TVS Sport 110 මෙරටට

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved