දිට්ටා සුළි කුණාටුවෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල ශක්තිමත් කරමින් MARKS AND SPENCER PLC ආයතනය විසින් රුපියල් 4,684,139.50 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙම මූල්‍ය ආධාරයට අදාළ චෙක්පත MARKS AND SPENCER PLC හි සාමාන්‍යාධිකාරී රිෆාට් අර්මාන් (Rifat Arman) සහ ප්‍රධාන කළමනාකරු ශබ්රි අහීර් (Shabry Aher) යන මහත්වරුන් විසින් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ස්වභාවික විපතින් පීඩාවට පත් වූවන් නඟාසිටුවීම වෙනුවෙන් ආයතනික සමාජ වගකීමක් ලෙස සිදු කළ මෙම අවස්ථාවට MARKS AND SPENCER PLC ආයතනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. රජය විසින් ක්‍රියාත්මක කරන මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ විපතට පත් ජනතාවගේ නිවාස සහ යටිතල පහසුකම් යළි ගොඩනැංවීමට මෙම අරමුදල් ප්‍රයෝජනයට ගැනීමට නියමිතය.













