2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ මූලික වටයේ තරග අවසන් කරමින් අද (19) පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදී සිම්බාබ්වේ කණ්ඩායමට ඉලක්කයක් ලබා දීමටයි.
අද තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ඩිල්ෂාන් මධුසංඛ සහ ප්‍රමෝද් මදුශාන් කණ්ඩායමට කැඳවා තිබේ. ‘B’ කාණ්ඩයේ සිය ස්ථානය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වේ.













