2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (19) පැවැත්වෙන තරගයේදී ප්‍රබල පිතිහරඹයක නිරත වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 200ක් රැස් කළේය. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා කැනඩාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 201කි.
කාසියේ වාසිය දිනාගත් කැනඩා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉබ්‍රහිම් සද්‍රාන් පන්දු 58කදී නොදැවී ලකුණු 95ක් රැස් කළේය. සෙඩිකුල්ලා අටල් ලකුණු 44ක් සහ රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 30ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී කැනඩාව වෙනුවෙන් ජස්කරන් සිං ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.














