මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) රාත්‍රියේ පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන නායක සල්මන් අලී අගා සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි. පාකිස්තාන කණ්ඩායම මේ වන විට සිය පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබා සිටින අතර, සාහිබ්සාඩා ෆර්හාන් (34*) සහ බාබර් අසාම් (25*) ලකුණු පුවරුව සක්‍රීයව තබා ගැනීමට උත්සාහ කරමින් සිටිති. මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගය ජයගත් එංගලන්තය මෙම තරගය ද ජයගතහොත් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කර ගනු ඇත.














