මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් එරට ප්‍රබලතම මත්ද්‍රව්‍ය කල්ලි නායකයෙකු වන ‘එල් මෙන්චෝ’ (El Mencho) හෙවත් නෙමේසියෝ ඔසෙගුවේරා සර්වාන්ටෙස්ව ඝාතනය කිරීමත් සමඟ එරට හටගෙන ඇති දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් මෙක්සිකෝවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස (Shelter in place) අමෙරිකානු තානාපති කාර්යාලය හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය පෙබරවාරි 22 වනදා ජලිස්කෝ ප්‍රාන්තයේදී සිදුවූ මෙම මෙහෙයුමෙන් පසු ප්‍රචණ්ඩත්වය රට පුරා ව්‍යාප්ත වී ඇති අතර, මහා පරිමාණ මාර්ග අවහිර කිරීම්, වාහන ගිනිබත් කිරීම් සහ සන්නද්ධ ගැටුම් හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට මෙන්ම සංචාරක කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇත.














