ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එක්ව හෙට (26) දින සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට දහවල් 12:00 සිට පස්වරු 6:00 දක්වා පැය 6 ක කාලයක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.
මෙම වර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ ඇතැම් සේවා කටයුතුවලට බාධා එල්ල විය හැකි බවට වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.














