සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා විශේෂිත වූ නව පනතක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (25) ප්‍රකාශ කළේය. මීරිගම පොලිසියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක ඇතුළත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි. ඉන් අනතුරුව තවත් සති දෙකක කාලයක් තුළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත අතර, මෙමගින් අපරාධකරුවන්ට එරෙහිව වඩාත් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.














