පැරණි සාම්ප්‍රදායික නැකැත් චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් සකස් කරන ලද 2026 වසර සඳහා වන නිවැරදි සිංහල අවුරුදු නැකැත් සීට්ටුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව භාර දී ඇති බව ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමයේ විද්වත් කමිටුව නිවේදනය කරයි. මීට පෙර පැවති “සිංහල අවුරුදු නැකැත් කමිටුව” 2024 වසරේ සිට විසුරුවා හැරීමෙන් පසු, මෙවර නැකැත් සීට්ටුවට තෙල් වලං ලිප තැබීමේ නැකැත, අවුරුදු කුමාරයා පිළිගැනීමේ පුරාණ ක්‍රම සහ නොනගතය මඟ හරවා නැකැත් ලබාදීම වැනි දේශීය නැකැත් රැසක් අලුතින් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක රවිශංඛ සේනානායක මහතා පවසන්නේ සංස්කෘතික අධ්‍යක්ෂවරයාගේ නියමයන්ට අනුව “ශිඛර” සහ “ආයුර්” පංචාංග ලිත් මෙන්ම සිංහල දිනපොත හරහා ද මෙම නැකැත් සීට්ටුව මේ වන විටත් මුද්‍රණය කර ඇති බවයි. නිවැරදි අවුරුදු නැකැත්කරණයක් පිළිබඳව පැවැත්වෙන විද්වත් සාකච්ඡා අප්‍රේල් මාසයට පෙර අවසන් නොවන බැවින්, දෙපාර්තමේන්තුව මෙතෙක් නිල වශයෙන් නැකැත් සීට්ටුවක් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර, මෙම දේශීය චාරිත්‍ර මුල් කරගත් නැකැත් සම්ප්‍රදාය ජනගත කිරීමට මාධ්‍ය සහය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.














