පෘතුගාලයේ පවතින ශ්‍රී ලංකාවට අයත් ඓතිහාසික පුරාවස්තු සහ වටිනා වස්තූන් යළි මෙරටට ලබාගැනීමේ අරමුණින් දෙරටේ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් මහතා අතර පසුගිය 24 වනදා පැවති සාකච්ඡාවකදී මෙම වැදගත් එකඟතාවට එළඹ ඇත. මීට අමතරව, පෘතුගාල වීසා ලබාගැනීමේදී ශ්‍රී ලාංකිකයන්ට නවදිල්ලියට යාමට සිදුවීමෙන් මතුව ඇති අපහසුතාව මඟහරවා ගැනීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද පෘතුගාල රජය මෙහිදී එකඟ වී තිබේ.














