2009/2010 වසරවල බඳවා ගත් ග්‍රාම නිලධාරීන්ගේ ශ්‍රේණිගත කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ඉදිරි සතිය තුළ ලිඛිත විසඳුමක් ලබා දෙන බවට දුන් පොරොන්දුව මත මෙම තීරණය ගෙන ඇත. එසේ වුවද, විසඳුම ප්‍රමාද වුවහොත් මාර්තු 16 වනදා දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ග්‍රාම නිලධාරී එකමුතුව අනතුරු අඟවයි.














