2026 මාර්තු 3 වනදා අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකාවට දර්ශනය වන චන්ද්‍රග්‍රහණයක් පිළිබඳව ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය දැනුම් දී තිබේ. මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවද, ග්‍රහණයේ පූර්ණ අවධියේදී චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස පමණි. එදින සවස 6:21 ට චන්ද්‍රයා ක්ෂිතිජයෙන් ඉහළට පැමිණෙන විට ග්‍රහණයේ අවසාන අර්ධ අවධිය දැක බලා ගැනීමේ අවස්ථාව පවතී.














