ඇෆ්ගනිස්ථාන තලේබාන් පාලනය විසින් කාන්තාවන් සඳහා පනවා ඇති සෞඛ්‍ය සේවා සීමා කිරීම් හේතුවෙන් ඔවුන්ගේ සහ දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂ නියෝජිත රිචඩ් බෙනට් අනතුරු අඟවයි. අසනීප වූ හෝ තුවාල ලැබූ කාන්තාවන් රෝහල් වෙත යාමේදී පුරුෂ භාරකරුවෙකු (Male guardian) අනිවාර්ය කිරීම, රෝගී කාන්තාවන්ට ගිලන් රථ සේවා ප්‍රතික්ෂේප කිරීම සහ පුරුෂ වෛද්‍යවරුන් ලවා පමණක් ප්‍රතිකාර කිරීමට බල කිරීම වැනි නීති මගින් කාන්තාවන් මරණාසන්න තත්ත්වයට පත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.














