ශ්‍රී ලංකාවේ පවතින බදු රාමුවේ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදු කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. බදු පදනම පුළුල් කිරීම සහ රජයේ ආදායම් විධිමත් කිරීම අරමුණු කරගත් මෙම යෝජිත සංශෝධනවලට අනුව, ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභය මත අයකරන බදු අනුපාතය ඉහළ නැංවීමට සහ සේවා සැපයීමේදී ගෙවීම් ලබන අවස්ථාවේදීම 5% ක බදු මුදලක් (Withholding Tax) කපා ගන්නා ක්‍රමය යටතට සමාජ මාධ්‍ය විශේෂඥයන් ඇතුළු නව වෘත්තීන් රැසක් ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.














