තලවකැලේ නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් රන් ආලේපිත පිත්තල මුදුවක් යොදා රු. 30,000ක් පමණ වටිනා රන් මුදුවක් වංචා සහගත ලෙස මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු වෙළඳසැල් සේවකයින් විසින් අල්ලා පොලිසියට භාර දී තිබේ. බණ්ඩාරවෙළ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සැකකරු, පසුගිය 24 වනදා එම වෙළඳසැලෙන්ම මෙලෙස මුදුවක් වංචනිකව මාරු කර නගරයේ මූල්‍ය ආයතනයක උකස් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. යළිත් එවැනිම වංචාවක් කිරීමට උත්සාහ කිරීමේදී සේවකයින්ගේ විමසිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.














