කොටගල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී අද (28) උදෑසන ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ. ඉන්ධන ලබාගෙන ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රීරෝද රථයක, දඹුල්ලේ සිට නුවරඑළිය දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දිඹුලපතන පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ පැවති අධික මීදුම් තත්ත්වය හේතුවෙන් මාර්ගය පැහැදිලි නොවීම සහ ත්‍රීරෝද රථ රියැදුරුගේ අපරික්ෂාකාරී බව අනතුරට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කළේය. වාසනාවකට මෙන් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති නමුත් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.














