ජර්මනියේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ආයෝජන අවස්ථා, වෙළඳ සබඳතා සහ සංචාරක කර්මාන්තය පිළිබඳව ඵලදායී සාකච්ඡා පවත්වා තිබේ. ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ (OAV) බ්‍රෙමන් ශාඛාවේ 125 වන සංවත්සර උත්සවයට සහභාගී වෙමින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් ඉදිරි “Sri Lanka EXPO 2026” පිළිබඳව විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කළ බව අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය සටහනක දක්වා ඇත.
මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය සහ ජර්මනිය සමඟ පවතින වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ.
















