ඉශ්‍රායෙලය විසින් අද (28) ඉරානයට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එරෙහි ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායෙල් කැට්ස් මහතා රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවර මධ්‍යම ප්‍රදේශයේ පිපිරීමක් සිදුවී ඝන දුම් වලා නැගෙද්දී මෙම ප්‍රකාශය නිකුත් විය.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය පිපිරීම තහවුරු කළද, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සපයා නොමැත. එම අවස්ථාවේදීම ඉශ්‍රායෙලය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද විය. ඉශ්‍රායෙල හමුදාව පැවසුවේ, “ඉශ්‍රායෙල් රාජ්‍යය දෙසට මිසයිල දියත් කිරීමේ හැකියාව පිළිබඳව මහජනතාව සූදානම් කිරීම සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීම” සිදුකළ බවයි.














