පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින ගැටුම් සමතයකට පත්කිරීමට සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය දැඩි උත්සාහයක නිරත වන බව විදෙස් වාර්තා පවසයි. පසුගියදා ඇෆ්ගනිස්ථානයේ කඳවුරු කිහිපයකට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හටගෙන තිබේ.
පාකිස්ථානය පවසන්නේ මෙම ප්‍රහාරවලින් තලේබාන් සටන්කරුවන් 133 දෙනෙකු මියගිය බවයි. කෙසේ වෙතත්, තලේබාන් සටන්කාමීන් ප්‍රකාශ කරන්නේ පාකිස්ථාන ප්‍රහාර හමුවේ තම හමුදා එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පාකිස්ථාන සෙබලුන් 55 දෙනෙකු ඝාතනය වූ බවයි. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය දෙරටේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වෙමින් සිටී.














