ඉශ්‍රායෙලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර සඳහා අමෙරිකා එක්සත් ජනපදය ද සෘජුවම සහභාගී වන බව අමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙහෙරාන් නුවර මධ්‍යම ප්‍රදේශයේ, විශේෂයෙන්ම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාල ආසන්නයේ මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, නගරය පුරා ඝන දුම් වලා නැගෙමින් පවතී.
ඉශ්‍රායෙල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායෙල් කැට්ස් මහතා පවසා ඇත්තේ මෙම ප්‍රහාර එල්ල කළේ “තර්ජන ඉවත් කිරීම සඳහා” බවයි. ඉරානය විසින් සිය අහස් තලය වසා දමා ඇති අතර, ඉශ්‍රායෙලය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද වෙමින් පවතී. ඉරානය තවමත් ප්‍රතිප්‍රහාරයක් එල්ල කර නොමැති වුවද, කලාපයේ පවතින අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගන්නා බවට පෙර අනතුරු අඟවා තිබුණි.














