ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පූර්ණ ලෙස අහෝසි කරන ලෙසත්, යෝජිත රාජ්‍ය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PSTA) විරෝධය පළ කරමින් අද (28) මඩකලපුව නගරයේදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්විණි. කල්ලඩි පාලම අසලින් ආරම්භ වූ මෙම විරෝධතාව ගාන්ධි උද්‍යානය දක්වා ගමන් කළ අතර, ඒ සඳහා සිසුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද මීට එක්ව සිටි අතර, මැතිවරණයට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ජාතික ජන බලවේගය ලබා දුන් පොරොන්දුව ඉටු කරන ලෙස විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. මානව හිමිකම් සහ යුක්තිය සුරැකෙන නීතිමය රාමුවක අවශ්‍යතාවය මෙහිදී සංවිධායකයන් විසින් අවධාරණය කරන ලදී.
















