ඊශ්‍රායලය විසින් අද (28) දිවා කාලයේදී ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන සිසුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය ආසන්නයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් නගරය පුරා දැවැන්ත දුම් වළා නැඟී තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ මෙම මෙහෙයුම “තර්ජන ඉවත් කිරීම” සඳහා දියත් කළ බවයි. මේ අතර, කතයිබ් හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ කලාපය පුරා ඇති ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන බවයි. ඉරානය සිය ගුවන් සීමාවන් වසා දමා ඇති අතර, ඊශ්‍රායලය පුරා හදිසි සයිරන් නලා ක්‍රියාත්මක වී ඇත.














