මැදපෙරදිග රටවල වර්තමානයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සිය දැඩි අවධානය යොමු කර තිබේ. කලාපීය තත්ත්වය නිරීක්ෂණය කරමින් එතෙර සිටින ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් මේ වන විට ස්ථාපනය කර ඇත.
එතෙර සිටින ලාංකිකයන්ට අදාළ රටවල රජයන් විසින් ලබා දෙන ආරක්ෂක උපදෙස් මෙන්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ලබා දෙන මඟපෙන්වීම් අකුරටම පිළිපදින ලෙස විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටියි. යම් හදිසි අවස්ථාවකදී හෝ තොරතුරු විමසීමක් අවශ්‍ය වුවහොත් පහත සඳහන් සන්නිවේදන මාර්ග ඔස්සේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වීමට අවස්ථාව පවතී.
ක්ෂණික ඇමතුම් අංකය: 1989 (Hotline)
WhatsApp පණිවිඩ සඳහා: +94 71 980 2822
මැදපෙරදිග සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ දූත මණ්ඩල මේ වන විටත් අඛණ්ඩව සීරුවෙන් තබා ඇති අතර, මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් වී නොමැති බව රජය අවධාරණය කරයි.














