මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජෝර්දානයේ වසන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (2026 පෙබරවාරි 28) දිනැතිව නිකුත් කළ මෙම නිවේදනය මගින් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත්, අතිශය සුපරීක්ෂාකාරීව පසුවන ලෙසත් ජෝර්දානයේ වසන ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
එසේම සාමූහික ඒකරාශී වීම්වලින් වැළකී සිටින ලෙසත්, ජෝර්දාන බලධාරීන් සහ තානාපති කාර්යාලය මගින් කලින් කලට නිකුත් කරනු ලබන ආරක්ෂක උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන් වේ. ඕනෑම හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීම සඳහා තානාපති කාර්යාලය විසින් පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපැල් ලිපිනය හඳුන්වා දී ඇත.
වැඩබලන දූත මණ්ඩල ප්‍රධානී: 00962 781365773
කොන්සියුලර් නිලධාරී: 00962 781548585
හදිසි ඇමතුම් අංකය: 00962 777313323
විද්‍යුත් තැපෑල: [email protected]
ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ඇමරිකානු කඳවුරුවලට එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාව හේතුවෙන් ජෝර්දානය ඇතුළු කලාපයේ රටවල් රැසක ගුවන් කලාප තාවකාලිකව වසා දමා ඇති අතර, පවතින අවදානම හමුවේ සියලුම ලාංකිකයන් හට තම ආරක්ෂාව පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස තානාපති කාර්යාලය අවධාරණය කරයි.














