ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය දියත් කළ මිසයිල වර්ෂාව හේතුවෙන් ඩුබායි නගරයේ ලෝක ප්‍රකට ස්ථාන රැසක නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා (Burj Khalifa) සහ කෘත්‍රිම දූපතක් වන පාම් ජුමේරා (Palm Jumeirah) ආසන්නයේ ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බවත්, එම ප්‍රදේශවලින් දුම් පටල නැඟෙන අයුරු දක්නට ලැබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින අවදානම හමුවේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ සිටි පිරිස් වහාම ඉවත් කිරීමට (Evacuation) බලධාරීන් පියවර ගෙන ඇති අතර, පාම් ජුමේරා දූපතේ හෝටලයක් ආසන්නයේ පිපිරීමක් සිදුවූ බව ඇසින් දුටුවෝ පවසති. ඩුබායි අහස මගින් ඉරාන මිසයිල කිහිපයක් ගුවන් ආරක්ෂක පද්ධති හරහා සාර්ථකව විනාශ කර ඇති අතර, එම මිසයිල සුන්බුන් නේවාසික ප්‍රදේශවලට වැටීමෙන් හානි සිදුව ඇති බවට ද තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් ඩුබායි සහ අබුඩාබි හි සිටින ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට සහ සියලුම විදේශිකයන්ට වහාම ආරක්ෂිත ස්ථාන (Shelter-in-place) කරා යොමු වන ලෙස දැනුම් දී තිබේ.














