ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු එරට පාලන බලය මෙහෙයවීම සඳහා තාවකාලික නායකත්ව මණ්ඩලයක් පත් කර තිබේ. මෙම මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස ඉරාන ආගමික හා දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන අයතුල්ලා අලිරේසා අරාෆි (Alireza Arafi) පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව උත්තරීතර නායකයෙකු නිල වශයෙන් තෝරා පත් කර ගන්නා තෙක් එරට වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතු ප්‍රධාන කාර්යභාරයයි.
සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත මෙම මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ එරට අධිකරණ ප්‍රධානී ගොලම්හොසේන් මොහ්සේනි එජෙයි කටයුතු කරනු ඇත. අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ ටෙහෙරාන් නුවරදී කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඝාතනය වීමෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය පාලනය කිරීම මෙම පාලන ව්‍යුහයේ මූලික අරමුණ වී තිබේ.
මේ අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කළේ තම උත්තරීතර නායකයා ඇතුළු බලධාරීන් ඝාතනය කිරීම ඉතිහාසගත අපරාධයක් බවයි. මෙම ඝාතන සැලසුම් කළ සහ ක්‍රියාත්මක කළ සියලු පාර්ශවයන්ගෙන් පළිගැනීම ඉරාන රජයේ සහ හමුදාවේ මගහැරිය නොහැකි යුතුකමක් මෙන්ම අයිතියක් බව ද ඔහු පවසා තිබේ. ඒ සඳහා ඉරානය සතු උපරිම බලය සහ ශක්තිය යොදවන බවට ඔහු මෙහිදී දැඩි ප්‍රතිඥාවක් ලබා දුන්නේය.














