මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ මෙරට ඉන්ධන සැපයුම පිළිබඳව ජනතාව තුළ යම් සැකයක් නිර්මාණය වී තිබුණද, දැනට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. සංස්ථාව ලබාදෙන දත්තවලට අනුව, මේ වන විට දින 37කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග සහ දින 35ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් තොග සුරක්ෂිතව ගබඩා කර ඇත.
ගෝලීය වශයෙන් තෙල් ප්‍රවාහන මාර්ගවල යම් බාධා මතු වුවද, දේශීය වෙළෙඳපොළේ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව බලධාරීන් අවධාරණය කරයි. මේ අනුව, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසත්, පවතින සංචිත කළමනාකරණය කරමින් අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.















