පසුගිය දින දෙකක කාලය තුළ ඉරානය විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රතිප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) දැඩි යුදමය තත්ත්වයකට මුහුණ දී සිටී. එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඉරානයේ සිට පැමිණි බැලස්ටික් මිසයිල 172ක් සහ ඩ්‍රෝන යානා 817ක් විනාශ කිරීමට සමත් වී ඇති බව වාර්තා වේ.
ඉරාන ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පකිස්ථාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව Khaleej Times පුවත් සේවය තහවුරු කරයි. මීට අමතරව ඉන්දියානු ජාතිකයන් ඇතුළු තවත් පිරිසක් සුළු තුවාල ලබා ඇත.
පෙබරවාරි 24 සහ මාර්තු 01 යන දිනවල ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මගින් ඩුබායි අහසෙහි දක්නට ලැබෙන වෙනස පැහැදිලිව පෙනේ. පෙර පැවති පැහැදිලි අහස වෙනුවට ඩුබායි නගරයේ අහස කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අයුරු එම ඡායාරූපවල සටහන් වී තිබේ.
සෙනසුරාදා දින බැලස්ටික් මිසයිල 165ක් ද, ඉරිදා දින ඩ්‍රෝන යානා 311ක් සහ තවත් මිසයිල රැසක් ද එමීර් රාජ්‍යය ඉලක්ක කර එල්ල වී ඇත. මින් බොහොමයක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ ද, ඩ්‍රෝන යානා 21ක් සිවිල් ඉලක්ක වෙත පතිත වී ඇති බව වාර්තා වේ.















