කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 154ක් බවයි වාර්තා වන්නේ. මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන පසුබිමක සිදු වූ මෙම වැටලීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.














