ප්‍රේමියර් ලීග් පාපන්දු පිටියේ දැන් හැමෝම කතා කරන්නේ ආර්සනල් කණ්ඩායම ගැනයි. හැබැයි ඒ ඔවුන්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා නෙවෙයි, ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරන “කූට උපක්‍රම” නිසයි. බ්‍රයිටන් කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරඟයෙන් 1-0ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කරගැනීමට ආර්සනල් සමත් වුණා.
බුකායෝ සාකා මුල් භාගයේදීම ලබාගත් ගෝලය තරඟයේ තීරණය තීන්දු කළත්, ආර්සනල් ක්‍රීඩකයින් කාලය නාස්ති කිරීම සහ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසය ගැන බ්‍රයිටන් පුහුණුකරු ෆේබියන් හර්සලර් දැඩි අප්‍රසාදය පළ කළා. “අද පිටියේ පාපන්දු ක්‍රීඩා කරන්න උත්සාහ කළේ එක කණ්ඩායමක් විතරයි” යනුවෙන් ඔහු පැවසුවේ ආර්සනල් කණ්ඩායමේ ක්‍රීඩා විලාසයට උපහාසයෙන් පහර දෙමින්.
කෙසේ වෙතත්, මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නොටින්හැම් ෆොරස්ට් හමුවේ පරාජය වීමත් සමඟ ආර්සනල් පිල දැන් ලකුණු 7ක ඉදිරියක් ලබා සිටිනවා. විචාරකයින් පවසන්නේ ආර්සනල් දැන් ප්‍රේමියර් ලීග් පිටියේ “දුෂ්ටයන්” (Villains) බවට පත්ව ඇති බවයි. නමුත් වසර 22කට පසු ශූරතාවය දිනාගැනීමේ පිපාසයෙන් ඉන්නා මිකෙල් අර්ටේටාට නම් මේ විවේචන අදාළම නැති බවක් පෙනෙන්නට තිබෙනවා.
ඔහු පවසන්නේ තමන්ගේ ක්‍රීඩකයින් තරඟ කරන ආකාරය ගැන තමන් ආඩම්බර වන බවයි. ජනප්‍රිය වෙන්න නෙවෙයි, ශූරයන් වෙන්නයි ආර්සනල් දැන් සැරසෙන්නේ!














