සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන “කෙසෙල්වත්ත දිනූෂ” නමැත්තාට මෙරටින් පලා යාම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකසා දුන් බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (05) නියෝග කළේය.
පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වනු ලැබූ කෙසෙල්වත්ත දිනූෂ, මේ වන විට රැඳවුම් නියෝග මත කොම්පඤ්ඤවීදිය කොට්ඨාස අපරාධ අංශය භාරයේ පසුවේ. ඔහුට විදේශගත වීම සඳහා අවශ්‍ය කූට ලේඛන සහ ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර දීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නියෝගය නිකුත් කළේය. සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සහාය දක්වන පුද්ගලයන් සොයා පොලිසිය මේ වන විට පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති අතර, මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිතය.














