රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම මගින් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ මහතා මෙලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීති විරෝධී වන අතරම එමඟින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියෙකු ලෙස වසර ගණනාවක් සේවය කළ නිලධාරියෙකු සම්බන්ධයෙන් ගනු ලැබූ මෙම පියවර ආරක්ෂක සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති පසුබිමක මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන තිබේ. මෙම පෙත්සම සලකා බැලීම ඉදිරි දිනකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කිරීමට නියමිතය.














