පවතින ගෝලීය නොසන්සුන්තාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියේ වත්මන් යුදමය තත්ත්වය වහාම නතර කරන ලෙස තමන් අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි. ඉරානය සහ බටහිර රටවල් අතර මතු වී ඇති ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව විග්‍රහ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගත් තීරණයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ ලෝක අවධානය යොමු වී ඇති මොහොතක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ මෙම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රය තුළ විශේෂ අවධානයට ලක්ව තිබේ. බටහිර බලපෑම් හමුවේ මැදපෙරදිග කලාපය අස්ථාවර වීම ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවලට ද අහිතකර ලෙස බලපාන බව විචාරකයෝ පවසති.














