අබුඩාබි අහසේදී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව මැඩපවත්වා ඇති බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි. බලධාරීන් පවසන පරිදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් මෙම ඩ්‍රෝන යානා අතරමගදී විනාශ කර ඇති නමුත්, ඒවායේ සුන්බුන් ICAD 2 කලාපයේ ස්ථාන දෙකකට පතිත වී තිබේ.
මෙම සුන්බුන් පතිත වීම හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පාකිස්ථාන සහ නේපාල ජාතිකයින් බව හඳුනාගෙන ඇත. ඔවුන් සැහැල්ලු සහ මධ්‍යම ප්‍රමාණයේ තුවාල ලබා ඇති බවත්, බලධාරීන් වහාම මැදිහත් වී ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු සියලු පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලාපීය නොසන්සුන්තාවය හමුවේ එල්ල වූ මෙම ප්‍රහාරය මැඩපැවැත්වීමට බලධාරීන් සමත් වුවද, ජනාකීර්ණ කලාපයකට සුන්බුන් පතිත වීම හේතුවෙන් මෙම තුවාල ලැබීම් සිදු වී තිබේ.














