2026 ෆෝමියුලා වන් (F1) තරගවාරයේ සමාරම්භක ඕස්ට්‍රේලියානු ග්‍රෝන් ප්‍රී තරගයට පෙර ඇස්ටන් මාර්ටින් (Aston Martin) කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. තම මෝටර් රථවල එන්ජිමේ පවතින අධික කම්පනය (Vibration) හේතුවෙන් රියදුරන්ගේ ඇඟිලිවල ස්ථිර ස්නායු ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව එම කණ්ඩායම ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් ප්‍රවීණ රියදුරු ප්‍රනාන්දු ඇලොන්සෝ සහ ලාන්ස් ස්ට්‍රෝල් හට මෙවර තරගය සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇතැයි වාර්තා වේ.
ඇස්ටන් මාර්ටින් කණ්ඩායම් ප්‍රධානී සහ සුප්‍රකට නිර්මාණකරු ඒඩ්‍රියන් නිව්වි (Adrian Newey) මෙල්බන්හිදී මාධ්‍ය වෙත අනාවරණය කළේ, හොන්ඩා (Honda) එන්ජිමෙන් ජනිත වන මෙම කම්පනය සුක්කානම හරහා රියදුරන්ගේ දෑත් වෙත දැඩි ලෙස බලපාන බවයි. ඇලොන්සෝ පවසා ඇත්තේ තමාට එක දිගට වට 25කට වඩා ධාවනය කළ නොහැකි බවත්, ඉන් ඔබ්බට ගියහොත් දෑත්වල ස්නායු අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බවත්ය. මැණික් කටුවෙහි ආබාධවලට ලක්ව සිටින ලාන්ස් ස්ට්‍රෝල්ට වට 15කට වඩා ධාවනය කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
මෙම කම්පන ගැටලුව නිසා රියදුරන්ට පමණක් නොව මෝටර් රථයේ කොටස්වලට ද හානි සිදුවෙමින් පවතින අතර, පසුපස ලාම්පු සහ කැඩපත් පවා ගැලවී යන තත්ත්වයක් උද්ගත වී ඇත. වසර කිහිපයකට පසු යළිත් එන්ජින් නිෂ්පාදකයෙකු ලෙස F1 වෙත පිවිසි හොන්ඩා සමාගමට මෙය විශාල පසුබෑමකි. පූර්ව තරග පරීක්ෂණවලදී ද ඇස්ටන් මාර්ටින් කණ්ඩායම විශ්වාසනීයත්ව පිළිබඳ ගැටලුවලට මුහුණ දුන් අතර, රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි චීන ග්‍රෝන් ප්‍රී තරගයට සහභාගී වීම ද අවිනිශ්චිත වී ඇත.
මෙම වසරේදී ඉදිරි පෙළ කණ්ඩායම් සමඟ තරග කිරීමට බලාපොරොත්තු වූ ඇස්ටන් මාර්ටින් කණ්ඩායමට මෙම තාක්ෂණික දෝෂය මරු පහරක් වී තිබේ. කෝටිපති ව්‍යාපාරික ලෝරන්ස් ස්ට්‍රෝල්ගේ හිමිකාරීත්වය යටතේ දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇති මෙම කණ්ඩායම, ඉදිරි දින කිහිපය තුළ හොන්ඩා ඉංජිනේරුවන් සමඟ එක්ව මෙම කම්පනය පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වේ. කෙසේ වෙතත්, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සලකන බැවින් මෙවර ඕස්ට්‍රේලියානු තරගයේදී ඔවුන්ගේ දක්ෂතා සීමා වනු ඇත.














