බ්‍රිතාන්‍යයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා එමා රාඩුකානු (Emma Raducanu) අමෙරිකානු ක්‍රීඩිකා ඇමැන්ඩා ඇනිසිමෝවා (Amanda Anisimova) හමුවේ විනාඩි 52ක කෙටි කාලයක් තුළ අන්ත පරාජයකට පත්ව ඉන්ඩියන් වේල්ස් තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ. තරගයේ තෙවන වටයේදී හමුවූ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා අතර සටනින් ඇනිසිමෝවා ලකුණු 6-1ක් සහ 6-1ක් ලෙස ඉතා පහසුවෙන් ජයග්‍රහණය වාර්තා කළාය. 2021 වසරේ අමෙරිකානු විවෘත ශූරතාව දිනූ රාඩුකානු සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට උත්සාහ කළද, ඇනිසිමෝවාගේ ප්‍රබල ප්‍රහාර හමුවේ ඇයට කිසිදු අවස්ථාවක් හිමි නොවීය.
තරගය ආරම්භයේ සිටම ආධිපත්‍යය පැතිරවූ ඇනිසිමෝවා, පළමු වටයේදී රාඩුකානුට ලබා ගැනීමට ඉඩ දුන්නේ ලකුණු 11ක් පමණි. දෙවන වටයේදී ද එම තත්ත්වයම පැවති අතර රාඩුකානුට එක් වටයක් පමණක් ජය ගැනීමට හැකි විය. නව පුහුණුකරු මාර්ක් පෙචී යටතේ සිය ක්‍රීඩා විලාසය වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටින රාඩුකානුට මෙම පරාජය දැඩි පසුබෑමක් වනු ඇත. මේ අතර ලොව අංක එකේ ක්‍රීඩිකා ආර්යනා සබලෙන්කා (Aryna Sabalenka) ද ජැකලින් ක්‍රිස්ටියන් පරාජය කරමින් සිව්වන වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.














