ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සමාගම් හයකට බෙදීමේ ක්‍රියාවලියට එරෙහිව විදුලිබල මණ්ඩලයේ නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා සිය දැඩි විරෝධය පළ කර සිටියි. ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලිබල මණ්ඩලයේ “මළගම” ආරම්භ වූ බවත්, බලයට පත්කිරීමට තමන් සහාය දුන් රජයම අවසානයේ මණ්ඩලයට “අවසාන ඇණය” ගැසූ බවත් ඔහු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේය.
මෙම නව සංශෝධන ක්‍රියාවලිය සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සිදු නොවූවක් බව පෙන්වා දෙන ප්‍රධාන ලේකම්වරයා, මෙහි අවසාන ප්‍රතිඵලය මහජනතාවට ද අහිතකර ලෙස බලපාන බව අවධාරණය කළේය. විශේෂයෙන්ම ජනවාරි මාසයේ සිට විදුලි බිල 13.5%කින් වැඩි කිරීමට ගත් උත්සාහය සහ ගල්අඟුරු ගනුදෙනුවලින් සිදුවූ රුපියල් කෝටි 876ක පාඩුව අප්‍රේල් මාසයෙන් පසු විදුලි බිල හරහා පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට සූදානම් වීම ඔහු දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
මෙම පනත හකුලා ගැනීමට රජයේ කිසිදු පාර්ශ්වයක් එකඟ නොවූ බවත්, ඉතිහාසයේ විදුලි බිල නිසා ඕනෑම රජයකට ගෙදර යාමට සිදුවූ බවත් මෙහිදී මතක් කර දෙන ලදී. එසේම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් මහතාගේ ක්‍රියාකලාපය ද විවේචනය කළ වික්‍රමසිංහ මහතා, ඔහු සිදුකළේ වෘත්තීය අරගලයකට වඩා දේශපාලනයක් බව ද පවසා සිටියේය. රජයේ මෙම තීරණයට එරෙහිව සිය සංගමය අඛණ්ඩව විරෝධතාවල නිරත වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














